හෙරොයින් ළග තබා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Friday, 16 December 2016 - 9:16

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%85%E0%B6%9C+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ මරදාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 14 ක් සමගින් පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගත් බවයි.

ඔහු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, ගම්පහ - වීරගුල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2 ක් සමගින් තවත් පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු යක්කල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකුු බවයි පොලිසිය සදහන් කළේ.