කාන්තාවක් සහ තරුණයකු ගෙල වැලලාගෙන මියයයි

Friday, 16 December 2016 - 11:17

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හලාවත සහ පානදුර ප්‍රදේශවලදී තරුණයකු සහ කාන්තාවක් ගෙල වැලලාගෙන මරණයට පත්ව තිබෙනවා.

ඊයේ දහවල් 12.30 ට පමණ හලාවත අලුත්වත්ත පාර ප්‍රදේශයේදී ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණයෙක්. ඒ සිය නිවසේදීයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුර ඥාතීන්ට භාරදී තිබෙනවා.

මෙම තරුණයා සියදිවි හානිකර ගැනීමට හේතුවක් අනාවරණ වී නැහැ.

හලාවත පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

මේ අතර ඊයේ රාත්‍රී 8.45 ට පමණ පානදුර උතුර පල්ලිමුල්ල ප්‍රදේශයේදී 45 හැවිරිදි කාන්තාවක් තම නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.

ඇයගේ සියදිවි හානිකර ගැනීමට හේතුවක් ද මෙතෙක් අනාවරණ වී නැහැ.

මෘත ශරීරය පානදුර රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරෙනවා.

පානදුර උතුර පොලිසියයි මේ සම්බන්ධයෙන් විමර්ශණ මෙහෙයවන්නේ.