කල්පිටියේ තැඹිලි ගසකින් රුපියල් 63,000 ක් මතුවෙයි

Friday, 16 December 2016 - 12:28

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+63%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කල්පිටිය ප්‍රදේශයේ වෙළඳසැලකින් සොරා ගත් රුපියල් 63,000 ක මුදලක් අඩි 20 ක් උස තැඹිලි ගසක් මුදුනේ සැඟවූ සැකකරුවෙකු කල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (15) පොලිස් භාරයට ගත් මෙම පුද්ගලයා මරදාන ප්‍රදේශයේ පදිංචි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

කල්පිටිය රෝහල් මාර්ගයේ පිහිටි අයිස් කර්මාන්තශාලාවක සේවය කරන මොහු පෙරේදා රාත්‍රියේ අදාළ වෙළඳසැල වෙත පැමිණ ඇත්තේ කෝපි පැකට්ටුවක් මිලදී ගැනීම සඳහායි.

එහිදී මෙම පුද්ගලයා වෙළඳසැලෙන් රුපියල් 97,000 ක මුදලක් සොරකම් කර තිබෙනවා.

පසුව වෙළඳසැල් හිමියා විසින් මේ පිළිබඳව කල්පිටිය පොලිසිය දැනුවත් කර ඇති අතර, සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු පොලිස් භාරයට ගනු ලැබුවා.

එහිදී ඔහු පාපොච්චාරණය කර ඇත්තේ සොරකම් කළ මුදලින් රුපියල් 63,000 ක් සිය නවාතැන් පොළ ආසන්නයේ පිහිටි තැඹිලි ගස මුදුනෙහි සැඟ වූ බවයි.

ඒ අනුව, පොලිසිය මගින් අදාළ මුදල ගස මුදුනේ තිබී සොයා ගෙන ඇති අතර, සැකකරු අද දිනයේ පුත්තලම - මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 


හොරොව්පතාන වැවෙහි මසුන් මැරීමට ගිය තුන් දෙනෙකුගේ යතුරුපැදි 3ක් ගිනිබත් කෙරේ
Tuesday, 07 July 2020 - 11:02

හොරොව්පතාන නගරයේ පිහිටා ඇති වැවේ මසුන් මැරීම සඳහා ගිය පුද්ගලයින්... Read More

කොවිඩ් ආසාදිතයන් ගණන 2078 දක්වා ඉහළට
Tuesday, 07 July 2020 - 10:28

කොවිඩ් 19 ආසාදනය වූ මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 2078 දක්වා ඉහළ ගොස්... Read More

ගංජා සමඟ පුද්ගලයෙක් STF අත්අඩංගුවට (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 10:22

ගංජා කිලෝ 56 ග්‍රෑම් 4ක් සමඟ සැකකරුවෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට... Read More