ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හිමියන් සම්බන්ධයෙන් සකර්බර්ග් කළ විශේෂ නිවේදනය මෙන්න

Friday, 16 December 2016 - 15:07

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් ඔස්සේ දේශපාලනික ආගමික කරුණු පිළිබඳව ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන සංවිධාන කෙරෙහි ෆේස්බුක් ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් සිය විශේෂ අවධානය යොමු කර ඇත.

මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි තොරතුරු හේතුවෙන් මේ වන විට විවිධ සමාජ අනර්ථයන් සිදුවන බවයි.

මේ සඳහා පිළියමක් ලෙස ෆේස්බුක් සඳහා අලුතින් පිරික්සුම් ලේබල් ක්‍රමවේදයක්ද හඳුන්වාදී ඇති බවයි ඔහුගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමගින් සිදුවන්නේ ව්‍යාජ තොරතුරු සංසරණයේදී ඒ බව පාඨකයින් මගින් රිපෝට් කිරීමට අවස්ථාවක් සැලසීමත් එවැනි රිපෝට් වැඩිපුර ලැබෙන පුවත් ඒ ඒ රටවල් තුළ පිහිටුවන නිල පුවත්සේවා නියෝජිතයින්ගේ අධීක්ෂණයට යටත්වීමෙන් පසු එම පුවත් ලේබලයක් සමග පළවීමත්ය.

ඒ අනුව අදාළ ලේබලයේ එම පුවත ව්‍යාජද නැද්ද යන්න සටහන්වන බවයි ඔහුගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙලෙස වැරදි තොරතුරු ප්‍රචාරය සඳහා ඇතැම් ව්‍යාජ වෙබ් අඩවි නාම උපයෝගී කරගෙන ඇති බවත්, අකුරු කිහිපයක් වෙනස් කර ප්‍රධාන ධාරාවේ වෙබ් අඩවි නම් වලට සමාන ලෙස පෙනී සිටින තෙවන පාර්ශ්වයේ ව්‍යාජ නිර්මාණ කරුවන්ට එරෙහිව තමා සටන් කරන බවත් ඔහුගේ නිවේදනයේ දැක්වෙනවා.

මෙම නව "කරුණු පරීක්ෂණ ක්‍රම වේදය" මුලින්ම ඇමරිකාවේ ආරම්භ කරන බවත් පසුව එය ලෝකය පුරා විහිදුවන්නට අපේක්ෂා කරන බවත් අදාළ නිවේදනය තුල වැඩිදුරටත් පෙන්වා දෙනවා.

සකර්බර්ග් විසින් මෙවැනි වෙනස්කමක් සඳහා යොමුවන්නට ප්‍රධානතම හේතුව බවට විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ පසුගිය ඇමරිකානු ජනපතිවරණ කාලසීමාවේදී ෆේස්බුක් මගින් එරට දේශපාලනඥයින් විසින් සංවිධානාත්මකව ප්‍රචාරය කර හරින ලද අසත්‍ය තොරතුරු පිලිබඳවෆේස්බුක් සමාගමට එරෙහිව පැමිණිලි රාශියක් ලැබීම බවයි.

එසේම පාප් වහන්සේ සම්බන්ධව ප්‍රචාරයවූ වැරදි තොරතුරුද මෙම වෙනසට බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් සකර්බර්ග් පළ කළ නිවේදනය පහතින්...



ඇමරිකාවත් චීන මෘදුකාංග තහනම් කිරිමට සැරසේ
Tuesday, 07 July 2020 - 11:01

අතිශය ජනප්‍රිය ටික් ටොක් ඇතුළු චීනයේ නිර්මිත සමාජ මාධ්‍ය... Read More

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
Tuesday, 07 July 2020 - 8:15

ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් අද අලූයම් කාලයේ ප්‍රබල... Read More

කොරෝනා නෑ කියා මුදලට ව්‍යාජ වාර්තාවක් සකස්කර දුන් මිරට් පෞද්ගලික රෝහලට අධිකරණයෙන් ලැබුණු නියෝගය
Monday, 06 July 2020 - 19:45

මුදල් ලබාගෙන කොරෝනා නොමැති බවට ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් සකස්කළ... Read More