නාවික කෝලමේ අවසන් ජවනිකාව ඊයේ රාත්‍රියේ ප්‍රදර්ශනය වුණා - ඩලස් අලහප්පෙරුම

Friday, 16 December 2016 - 19:25

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+-+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%84%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8
හම්බන්තොට වරාය පරිශ්‍රයේදී හිරු මාධ්‍යවේදියාට පහරදුන් නාවික හමුදාපතිවරයාගේ ක්‍රියා කලාපය සහ එය සාධාරණීකරණය කිරීමට උත්සාහ කළ ආණ්ඩුව සහ අගමැතිවරයා සම්බන්ධයෙන් කණගාටුව, විරෝධය සහ පිළිකුල ප්‍රකාශ කරන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

නිලමේ කොලමෙන් පසුව ආණ්ඩුව නාවික කෝලම අරඹා ඇති බවට ප්‍රකාශ කළ ඔහු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට ද මෙහිදී විරෝධය පළ කළා.

හම්බන්තොට සිද්ධියට අදාළව නාවික හමුදාපතිවරයා අග්‍රාමාත්‍යවරයාට ලබාදුන් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මෙහිදී අදහස් පළ කළ අතර, ඔහු කියා සිටියේ එය නිෂ්ඵල ක්‍රියාවක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා.

අපි දැක්කා නිලමේ කෝලම. ඊට පස්සේ අපි දැක්කා නාවික කෝලම. නාවික කෝලමේ අවසන් ජවනිකාව ඊයේ රාත්‍රියේ ප්‍රදර්ශනය වුණා ගරු අගමැතිතුමා නාවික හමුදාපතිවරයාට මුළු හදවතින්ම කටපුරා ස්තූති කරලා. ලෝකයේ හැම ආණ්ඩුවක්ම අවසන් ගමන් යන්නේ ජනමාධ්‍යවේදින්ගේ කරපිටින්. මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ ඒකට. නාවික හමුදාපතිවරයාගේ හැසිරීම දෙවැනි වෙන්නේ සතෙකුට විතරයි. විද්‍යුත් මාධ්‍ය ඇතුලේ ඔහුගේ භාෂාව ප්‍රචාරය කඑන්න බැරිවුණා. අසංස්කෘතික මිනිසෙක් අම්මා වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වචන සීමිතයි ශබ්දකෝෂයේ. සතෙක් හමුදාපති විම ගැන අපිට තියෙන්නේ කනගාටුවක්. ඒ සතා මානවයෙක් බවට පත් කරන්න උත්සාහ ගත්තු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශය පිළිබඳව අපට තියෙන්නේ විරෝධයක්.එම තිරිසන් ක්‍රියාව සාධාරණය කරන්න උත්සාහ ගත්තු ගරු අගමැතිවරයා සහ ආණ්ඩුව සම්බන්ධයෙන් අපිට තියෙන්නේ පිළිකුලක්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා.

සරත් ෆොන්සේකා කියනවා මෙම යාත්‍රාව ධාවනය කරන්න පුළුවන් ලංකාවේ ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක් තමයි නාවික හමුදාපතිවරයා කියලා. අපි යුද්ද කාලයේ ලංකාවට ගෙනාපු අවි විශාල ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවට ආසන්න ප්‍ර දේශයට ගොස් විනාශ කරනකොට මේ යාත්‍රා ගෙනිච්ච උදවිය අද නාවික හමුදාවෙන් ඉවත් කරලද? එහෙම නැත්නම් ඒක ඉතාම ලාබාල සිල්ලර නිදහසට කරුණක් ඒත් එක්කම ඔහු කියනවා මේක තමයි යුනිෆෝම් එක ඩෝරා එකක්, මේවා විහිළු සපයන්නන්ගේ කතා. අපි කනගාටු වෙනවා ජෙනරල් සරත් ෆොන්සේකට ඇමති මස් කට්ටක් දීපුවාම ලෙවකන ලෙවකෑවිල්ල සහ බුරන බිරිල්ල ගැන. ඒවගේම තමයි අගමැතිවරයා බොහොම සෙරමෝනියල් විදිහට සංදර්ශනාත්මකව ගෙනල්ලා ඉවරවෙලා නාවික හමුදාවේ වාර්තාව භාරදෙනවා නියෝගය බොහෝදුරට දීපු කෙනාටම නියෝගය දීපු එකේ වෙච්ච වැඩපිළිවෙල සම්බන්ධව වාර්තාවක් සපයනවා මේව විහිළු වාර්තා.