පැපුවා නිව්ගිනි දුපත්වලට ප්‍රබල භූ චලනයක්

Saturday, 17 December 2016 - 17:54

%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%A0%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පැපුවා නිව්ගිනි දුපත් ආසන්නයේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙනවා.

එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 8.0 ක් ලෙසටයි.

මෙම කම්පනයත් සමග පැපුවා නිව්ගිනි දුපත්වලට සුනාමි අනතුරු ඇගවීමක් ද නිකුත්කර ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කලේ.

පැපුවා නිව්ගිනියාවට කිලෝමිටර් 157 ක් නැගෙනහිරින් නිව් අයර්ලන්ඩ් ප්‍රදේශයේ කිලෝමීටර් 73 ක් පමණ පොළොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය සිදුව ඇතැයි අමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර තිබෙනවා.  

ඉදිරි පැය 3 ඇතුලත සුනාමි රළ පැමිණිය හැකි බවටයි පැසිෆික් සුනාමි අනතුරු ඇගවීම් මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ.

ඉන්දුනීසියාව / සොලමන් දුපත් / පොම්පෙ / නාවුරු මෙන්ම වනආටු ඇතුලු දුපත් සහ රටවලට මෙමගින් බලපෑම් ඇතිවිය හැකි බවට ද ඔවුන් අනතුරු අගවා තිබෙනවා.