චාවකච්චේරියේ අනතුරෙන් මියගිය ගණන 11 ක් වෙයි

Saturday, 17 December 2016 - 18:21

%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+11+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මහනුවර - යාපනය - ඒ 9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරි - සංගත්තානෙයි දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (17) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු වන බවයි යාපනය රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළේ.

එකම පවුලේ 6 දෙනෙකු ද මියගිය අය අතර වන බව සදහන්.

අනතුරට ලක්වන විට වෑන් රථයේ පුද්ගලයන් 12 දෙනෙකු ගමන් කර ඇති අතර, මියගිය 11 දෙනාම වෑන් රථයේ ගමන් කළ අයයි.

මෙම පිරිස හලාවත - මාදම්පේ ප්‍රදේශයේ සිට නාගදීපය වන්දනාවේ යමින් සිටි පිරිසක් බවයි වාර්තා වන්නේ.

යාපනයේ සිට වව්නියාව බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවුණේ දහවල් 1 ට පමණයි.

වෑන් රථය අධික වේගයෙන් ගමන් ගන්නා බව දුටු ලංගම බසයේ රියදුරු බසය නතර කර තිබෙනවා.

එහිදී නතර කර තිබූ බස් රථයේ වේගයෙන් පැමිණි වෑන් රථය ගැටී ඇති බව සදහන්.

වෑන් රථයේ රියදුරාට නින්ද යාම මෙම අනතුරට හේතු වී ඇති බවයි සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

අනතුරෙන් තවත් 21 දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් 5 දෙනෙකු මේ වනවිට යාපනය මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.





උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More