යතුරුපැදි දෙකක් ගැටී තුන්දෙනෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

Sunday, 18 December 2016 - 10:52

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අතුරුගිරිය - මාළඹේ මාර්ගයේ කිලෝමීටර් 10 කණුව මංසන්ධියේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අරංගල දෙස සිට මාළඹේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගමන් කල යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූ එක් පුද්ගලයෙකු සහ කාන්තාවක ඊයේ රාත්‍රියේ තලංගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය අතර අනෙක් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද පෙරවරුවේ මියගොස් තිබුණා.

අතුරුගිරිය - ඔරුවල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණිය මාළඹේ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර ඇති අතර, ඇය සේවය නිමවා නිවස බලා ගොස් ඇත්තේ එම ආයතනයේම සේවය කරන 22 හැවිරිදි තරුණයෙකුගේ යතුරුපැදියෙන්.

එම යතුරුපැදිය පැලවත්ත යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ බිබිල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි යුද හමුදා සෙබලෙකු පැදවූ යතුරුපැදියේ ගැටීමෙන් ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුවුණා.

එහිදී එම හමුදා සෙබළා සහ අනෙක් යතුරුපැදියේ ගමන් ගත් තරුණිය ජීවිතක්ෂයට පත්වූ අතර, අද පෙරවරුවේ මියගියේ ඇය යතුරුපැදියෙන් රැගෙන ගිය තරුණයායි.

මේ අතර ඊයේ පස්වරුවේ යාපනය - චාවකච්චේරිය ප්‍රදේශයේ සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින් 11 දෙනාගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ රාත්‍රියේ සිදුකර තිබෙනවා.

චාවකච්චේරිය පොලීසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ අද දහවල් වනවිට එම සිරුරු ඥාතීන්ට භාරදිය හැකි බවයි.