නීතිවිරෝධී අලි ඇතුන් පිළිබඳ රහස් පොලිස් වාර්තාව ලබන 9 වනදා ජනපති කමිටුවට

Sunday, 18 December 2016 - 12:09

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+9+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7
විධිමත් බලපත්‍රයක් නොමැති බව පවසමින් වනජීවී භාරයට ගත් අලි ඇතුන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සකස් කළ වාර්තාවක්  ඒ පිළිබඳව සොයාබැලීමට පත්කළ කමිටුව වෙත ලබන 9 වනදා ලබාදීමට නියමිත බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් පරිදි අමාත්‍ය සරත් අමුණුගමගේ සභාපතිත්වයෙන් යුතු පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගියදා පත් කළා.

අමාත්‍යවරයා කියා සිටියේ 9 වනදා ලැබෙන වාර්තාව මගින් ඊට අදාළ කරුණු නිරීක්ෂණය කළ හැකි බවයි.

වත්මන් රජය බලයට පත්වීමත් සමඟ නීතිවිරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබාගත් බවට විවිධ ප්‍රදේශවල පුද්ගලයින් සතුව මෙන්ම විහාරස්ථානවල  සිටි අලි  ඇතුන් 36 දෙනෙකු වනජීවී භාරයට ගැනුනා.

එම සතුන් මේ වනවිට පින්නවල සහ උඩවලව ඇත් අතුරු සෙවනේ රඳවා සිටිනවා.

අදාළ වාර්තාව නිරීක්ෂණය කර අදාළ අලි ඇතුන් යළි ලබාදීමේ සැළසුමක් ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා.

පරිසරවේදී පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන සඳහන් කළේ අධිකරණ ක්‍රියාදාමයකින් පසු අලි ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් තීරණය කළ යුතු බවයි.

ජෛව සංරක්ෂන මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න සඳහන් කළේ වනජීවී අමාත්‍යාංශය වැරදි තීරණයක් ගැනීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් හීලෑ අලිඇතුන් සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ කුමන ක්‍රියාමාර්ගයකින් හෝ අලි  ඇතුන් යළි ලබාදීමට කටයුතු කළ යුතු බවයි.