අභයභූමියක් එළිපෙහෙළි කරමින් සිටි 6 දෙනෙකු අත්අඩංගුවට

Sunday, 18 December 2016 - 15:12

%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අනුරාධපුරයේ සහ මාතලේ දිස්ත්‍රික්කවලට මායිමව පිහිටි කහල්ල - පල්ලෙකැළේ අභයභූමිය අනවසරයෙන් එළිපෙහෙලි කරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිරියාගම වනජීවි කාර්යාලයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, අක්කර 50කට වැඩි භූමි ප්‍රමාණයක් මොවුන් විසින් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එළිපෙහෙලි කර ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.