චාවකච්චේරියේදී රිය අනතුරෙන් මිය ගිය 11 දෙනාගේ සිරුරු ගුවනින් කොළඹට

Sunday, 18 December 2016 - 16:35

%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+11+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
මහනුවර - යාපනය - ඒ 9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරි - සංගත්තානෙයි දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරෙන් මියගිය 11 දෙනාගේ සිරුරු ගුවන් මගින් අද කොළඹට ගෙන එනු ලැබුවා.

යාපනය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මළ සිරුරු ගුවන් මගින් රත්මලාන ගුවන් කඳවුරට ගෙන ඒමට කටයුතු කළ බවයි.  

සංගත්තානෙයි දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ සිදුවූ මෙම රිය අනතුරෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඒ අතර කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටිනවා.

ඔවුන් හොරණ - මිල්ලනිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

 යාපනයේ සිට වව්නියාව බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවුණේ ඊයේ දහවල් 1ට පමණයි.

වෑන් රථය අධික වේගයෙන් ගමන් ගන්නා බව දුටු ලංගම බසයේ රියදුරු බසය නතර කර තිබෙනවා.

එහිදී නතර කර තිබූ බස් රථයේ වේගයෙන් පැමිණි වෑන් රථය ගැටී ඇති බවයි පරීක්ෂණවලදී හෙළිවුණේ.

අනතුරෙන් තවත් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.



අනතුර සිදුවූ අවස්ථාවේ දර්ශන පහතින්







සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට යන්න - මහින්ද දේශප්‍රිය
Wednesday, 05 August 2020 - 7:38

සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට ගොස් ඡන්දය... Read More

ඊයේ කොරෝනා ආසාදිතයින් 06 ක් - ලොව පුරා මරණ හත්ලක්ෂය ඉක්මවයි
Wednesday, 05 August 2020 - 7:34

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 86 ලක්ෂ 83,575ක් දක්වා ඉහළ ගොස්... Read More

2020 මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි
Wednesday, 05 August 2020 - 7:00

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More