පොලිස් සැරයන්ගේ ඝාතනය ගැන පා සටහන් ඔස්සේත් පරීක්ෂණ

Sunday, 18 December 2016 - 18:59

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොළොන්නරුව පොලිසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මළ සිරුර හමුවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහගේ පොළොන්නරුව නව නගරයේ පිහිටි නිවසේ මුළුතැන්ගෙයි සටහන්ව තිබූ පා සලකුණු ඔස්සේ එක් විමර්ශනයක් සිදු කරන බවයි.

අනෙක් විමර්ශනය සි.සි.ටි.වි දර්ශන උපයෝගි කරගනිමින් සිදුකරන බව ද එම ප්‍රකාශකයා සදහන් කළා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පොළොන්නරුව නව නගරයේ පිහිටි නිවස තුළ දී පෙරේදා මෙලෙස ඝාතනය කෙරුණේ 49 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්.

පොළොන්නරුව - දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචි මොහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ රියදුරෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

ඝාතනය සිදුකළ පුද්ගලයා, පොලිස් සැරයන්වරයා මෙම නිවසට පැමිණි යතුරුපැදිය රැගෙන පළා ගොස් තිබූ අතර, පසුව එය සොයා ගත්තේ මින්නේරිය වැවේ තිබියදීයි.

ඒ අනුව අදාල නිවසේ සිට යතුරුපැදිය සොයාගත් මින්නේරිය වැව දක්වා නිවාසවල සවිකර ඇති සි.සි.ටි.වි දර්ශන ද සිය විමර්ශන සදහා යොදා ගැනිමටයි පොලොන්නරුව පොලිසිය කටයුතු කර ඇත්තේ.