මිල පාලනයට ආණ්ඩුව සතු වී තොග කඩිනමින් මුදා හරින්න- ජවිපෙ

Monday, 19 December 2016 - 7:49

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%93+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
ඉහළ ගොස් ඇති සහල් මිල සඳහා පාලන මිලක් නොමැති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මීට පෙර සහල් සඳහා පාලන මිලක් තිබූ බවයි.

එහෙත් සහල් පාලන මිලට ලබාදීමට නොහැකි නිසා ඒ සඳහා පනවා තිබූ එම පාලන මිල ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

දැනට වෙළදපොළේ සහල් මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර, නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 90ත් 95ත් අතර මිලකටත්, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 95 මිලකටත් අලෙවි වනවා.

මේ අතර, උත්සව සමයත් සමඟ වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා මෝල් හිමියන් වෙත වී තොග නිකුත් කිරීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා.

දැනට එම මණ්ඩලය සතුව වී මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 9000කට වැඩි ප්‍රමාණයක් පවතිනවා.

එමගින් කොටසක් නිකුත් කිරීමට කටයුතු කරන බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා රජය විසින් සහල් මෙටි‍්‍රක් ටොන් 10,000 ක් ආනයනය කර බෙදාහැරීමට ද තීරණය කර තිබෙනවා.

එමෙන්ම සහල් මිල ඉහළ යාමත් සමඟ බත් පාර්සලයක මිල අද සිට රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

මේ අතර, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද සහල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ සහල් මිල පාලනයට රජය සතු වී  තොග කඩිනමින් වෙළඳපොලට මුදාහැරිය යුතු බවයි.

එහෙත් අඛන්ඩව සහල් මිල ඉහළ ගියද ආණ්ඩුව මිල පාලනයට නිසි ප්‍රතිපත්තියක් අනුගමනය කරන ආකාරයක් නොපෙනෙන බවයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.