රෝ ඔත්තු සේවයේ වෙනසක්

Monday, 19 December 2016 - 8:41

%E0%B6%BB%E0%B7%9D+%E0%B6%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
රෝ ඔත්තු සේවයට නව ප්‍රධානියා ලෙස අනිල් දහස්මන පත් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

ඉන්දීය වාර්තා සඳහන් කළේ මොහු දැනටමත් රෝ ඔත්තු සේවයේ ඉහළ තනතුරක් දරණ නිලධාරියෙකු බවයි.

එමෙන්ම එරට යුද සහ ගුවන් හමුදා ප්‍රධානීන්ද අලුතින් පත් කර තිබෙනවා.

නාවික හමුදාව සඳහා ප්‍රධානියෙකු පත් කර නොමැති අතර, යුද සහ ගුවන් හමුදා සඳහා ප්‍රධානීන් පත්කර ඇත්තේ දැනට සිටින ප්‍රධානීන් විශ්‍රාම යාමට නියමිතවීම හේතුවෙන්.

කෙසේ වෙතත් මෙම පත්කිරීම් සම්බන්ධයෙන් එරට විපක්ෂ මතධාරීන් විවිධ චෝදනා එල්ල කරනවා.