රැඳවියන්ගේ මරණ ගැන ඉන්දීය පොලිසියට චෝදනාවක්

Monday, 19 December 2016 - 11:30

%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
2010 සහ 2015 අතර කාලසීමාව තුල ඉන්දීය පොලිස් අත්අඩංගුවේදී රැඳවියන් 600 කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇතැයි මානව හිමිකම් සංවිධාන පවසනවා.

අමරිකානු මානව හිමිකම් සංවිධානයක් ප්‍රකාශකර ඇත්තේ අදාළ කාලසීමාව තුල සිදුවු මරණ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පොලිස් නිලධාරියකුට එරෙහිව නීතිමය පියවර ගෙන නොමැති බවයි.

රෝගී තත්වයන් / පළා යාමට උත්සාහ කිරීම් / හදිසි අනතුරු මෙන්ම සියදිවි නසා ගැනීම් හේතුවෙන් රැඳවියන්ගේ මරණ සිදුවන බව ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රකාශකර තිබෙනවා.

මානව හිමිකම් සංවිධාන චෝදනා කරන්නේ මෙම මරණවලින් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ සිර කුටිවලදී සිදුවන හිංසන හේතුවෙන් බවයි.

කෙසේවෙතත් අදාළ චෝදනා ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.