ඉන්දීය ධීවරයින් මුහුදු සීමාව උල්ලංඝනය කිරීම් අඩුවෙලා

Monday, 19 December 2016 - 12:20

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9D%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු තීරයට පැමිණීම මේ වනවිට සියයට 50 කින් පමණ අවම වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මෙරට මුහුදු සීමාවට එලෙස ඇතුලුවන ඉන්දීය ධීවර යාත්‍රා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගැනීම ඊට ප්‍රධාන හේතුව බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

2015 වසර වනතෙක් එලෙස අත්අඩංගුවට ගන්නා ධීවර යාත්‍රා නැවත නිදහස් කරනු ලැබුවා.

කෙසේ වෙතත් තමන් ධීවර අමාත්‍ය ධුරයේ වැඩ භාරගත් පසු මානුෂික පදනම මත ඉන්දීය ධීවරයින් නිදහස් කළද කිසිදු ධීවර යාත්‍රාවක් නිදහස් නොකළ බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

මේ අතර ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලූව පිළිබඳ තවත් සාකච්ඡාවක් ලබන වසරේ ජනවාරි දෙවනදා කොළඹදී පැවැත්වෙනවා. ඊට ඉන්දීය විදේශ අමාත්‍යවරිය සහ එරට ධීවර අමාත්‍යවරයා එක්වන බවයි ධීවර අමාත්‍යාංශය නිවේදනය කළේ.