තමිල්නාඩු මහඇමති පන්නීර්සෙල්වම් අද ඉන්දීය අගමැති හමුවේ

Monday, 19 December 2016 - 15:06

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් හිස් වූ තමිල්නාඩු මහඇමති ධුරයට ඇගේ සමීපතම හිතවතිය වන ශෂිකලා නටරාජන් පත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වද්දී, වැඩ බලන ප්‍රධාන අමාත්‍ය  ඕ. පන්නීර් සෙල්වම් අද නවදිල්ලි නුවර දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවනවා.

ජයලලිතාගේ අභාවයෙන් පසු ඔහු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මුණ ගැසෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

ශෂිකලා නටරාජන්ට ජයලලිතා දැරූ පක්ෂ ලේකම් ධුරය පමණක් නොව ප්‍රධාන අමාත්‍ය ධුරය ද හිමි විය යුතු යැයි පන්නීර් සෙල්වම්ගේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් 3 දෙනෙකු ඊයේ ප්‍රකාශ කළා.

ඉන් එක් අයෙකු සඳහන් කළේ ශෂිකලා, ජයලලිතාගෙන් හිස් වූ තමිල්නාඩු ප්‍රාන්ත අසුන සඳහා තරඟ කළ යුතු බවයි.