සුපිරි ඇමති පනත මත ගැටුමකට මුල පුරයි ද?

Monday, 19 December 2016 - 18:47

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%3F
රජය විසින් ගෙන ඒමට නියමිත සුපිරි ඇමති බලතල සහිත පනත මේ වන විට දේශපාලන වේදිකාවේ සංවාදයට බඳුන් වන කරුණක්.

ගාල්ලේ ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ද මේ පිළිබදව අදහස් පළ කර සිටියා.

ඔහු කියා සිටියේ රට සංවර්ධනය කිරීමට නම් සුවිශේෂ බලතල අවශ්‍ය බවයි.   

කෙසේ වෙතත්, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා හාලිඇල ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඊට විරෝධය පළ කරන බවයි.