ත්‍රිරෝද රථ ලක්ෂ 12ක්, වේග සීමාව වැඩි කිරීමට අවසර ඉල්ලයි

Tuesday, 20 December 2016 - 7:17

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+12%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ත්‍රිරෝද රථ නියාමනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයින් අතර ඒ පිළිබදව වූ සාකච්ඡාවක් ඊයේ දිනයේදී පැවැත්වුණා.

එහිදී අදාළ තීරණයට එළඹි බවයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ.

එමෙන්ම දැනට ත්‍රිරෝද රථ ලක්ෂ 12ක පමණ සංඛ්‍යාවක් මෙරට තිබීම හේතුවෙන් ඉදිරියේදී ත්‍රිරෝද රථ ආනයනය සීමා කිරීමට පියවර ගත යුතු බවට ද එහිදී තීරණය වී තිබෙනවා.

මේ අතර, එම අවස්ථාවේදී ත්‍රිරෝද රථ රියදුරු සංගම් යෝජනා කිහිපයක් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන්ගේ එක් ඉල්ලීමක් වූයේ දැනට පවතින පැයට කිලෝමීටර් 40හේ වේග සීමාව පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත්, එම කරුණු පිළිබඳව පොලීසිය ඇතුළු අදාළ ආයතන සමඟ සාකච්ඡා කොට ඉදිරියේදී තීරණයක් ගැනීමට එකඟ වී තිබෙනවා.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ත්‍රිරෝද රථ ධාවනය කිරීමේ වයස් සීමාව, ගෙන යා හැකි මගීන් සංඛ්‍යාව යනාදිය පිළිබඳව ද වෙනස්කම් කිරීමට ත්‍රිරෝද රථ සංගම් එකඟතාවය පළ කළ බවයි.