පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසැල් 15කට නඩු (ඡායාරූප)

Tuesday, 20 December 2016 - 9:55

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+15%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ආරච්චිකට්ටුව ප්‍රදේශයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයන් 15 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ප්‍රදේශයේ ආපනශාලා සහ ව්‍යාපාරික ස්ථාන 68ක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ පරීක්ෂණවලට අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීම සහ ළඟ තබා ගැනීම, මාංශ සහ පිසින ලද ආහාර එකම ශීතකරණයේ ගබඩා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මොවුන්ට මෙලෙස නඩු පවරා තිබෙන බවයි ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යූ.එස්.කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



ඡායාරූප - හලාවත ජූඩ් සමන්ත