අතරමංවූ පිරිසක් නිසා රක්ෂිතයකට ඇතුළුවීම තහනම් කරයි

Tuesday, 20 December 2016 - 12:32

%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%82%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සමනළ ස්වභාවික රක්ෂිතයට අනවසරෙන් ඇතුලුවන පුද්ගලයන්ට ඉදිරියේදි දැඩි නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිළධාරින් පවසනවා.

පසුගිය සතියේ එම දෙපාර්තමේන්තුවට අයත් ස්වප්තක්‍යයා රක්ෂිතයේ සැරි සරන කුරු අලින් නැරඹීමට ගොස් පස්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් රක්‍ෂිතය තුළ අතරමං වීමෙන් අනතුරුව ඔහුන් සොයා ආරක්ෂිත අංශ සහ ප්‍රදේශවාසින් විසින් රක්ෂිතයට ඇතුලුවිම හේතුවෙන් එම රක්‍ෂිතයේ ස්භාවික පරිසරයට හා නිදහසේ සැරි සරන කුරු අලීන්  සිවිපාවුන් ඇතුලු පක්ෂීන්ට සිදුවන හිරි හැර හේතුවෙන් මෙම තිරණය ගෙන ඇති බවයි එම නිලධාරීන් පවසන්නේ.

එම රක්ෂිතවලට මහජනතාවට ඇතුලු විය හැකි ස්ථාන වල රක්ෂිතයට ඇතුල්වීම තහනම් කර ඇති දැන්වීම් පුවරු ගණනාවක් සවිකර ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම පියවර ගන්නා බවයි එම නිළධාරීන් සඳහන් කළේ.

එම රක්ෂිතය තුළ සිටින කුරු අලි රංචුවට අවශ්‍ය පරිසරය හා බට කොළ, කිතුල් ගස් ඇතුලු ආහාර අවශ්‍ය තරම් තිබෙන නිසා එම අලින් නිදහසේ රක්ෂිතය තුළ වෙසෙන බවත් එම අලින් මිනිසුන්ගෙන් ඈත්ව සිටින බවත් ඔහුන්ගේ පරිසරයට මිනිසුන්ගෙන් බලපෑමි එල්ල වුවහොත් ඉදිරියේදි ශ්‍රී පාද රක්ෂිය හා සප්තකන්‍ය රක්ෂිතයේ වෙසෙන අලින් ඒ අවට තිබෙන ගම්මාන වලට පිවිසිමෙන් අලි මිනිස් ගැටුම් ඉදිරියේදි ඇති වීමේ අවධානමක් පවතින බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරීන් වැඩි දුරටත් පැවසුවා.


ආරක්ෂාවට පොලීසියෙන් 82,000 ක්  - පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායත් සේවයේ
Wednesday, 05 August 2020 - 7:56

ඡන්ද විමසීම සිදු කෙරෙන අද දිනයේ, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්... Read More

සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට යන්න - මහින්ද දේශප්‍රිය
Wednesday, 05 August 2020 - 7:38

සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට ගොස් ඡන්දය... Read More

ඊයේ කොරෝනා ආසාදිතයින් 06 ක් - ලොව පුරා මරණ හත්ලක්ෂය ඉක්මවයි
Wednesday, 05 August 2020 - 7:34

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 86 ලක්ෂ 83,575ක් දක්වා ඉහළ ගොස්... Read More