නිදහස් පක්ෂ සංවිධායකවරුන් කොළඹට

Tuesday, 20 December 2016 - 13:09

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද කොළඹට කැදවා තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකළ දැනුවත් කිරීමකට අනුවයි මෙලෙස කැදවා ඇත්තේ.

දහවල් 12ට පදනම් ආයතනයේදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ජාවේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වුණා.

එහිදී ද පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවට බදුන් වී තිබෙනවා.