ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට

Wednesday, 21 December 2016 - 11:22

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+12+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදාව මගින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලෙයිමන්නාරමට දකුණු දෙසින් වූ මෙරට මුහුදු සීමාවේදී ධීවර කටයුතුවල නිතර වෙමින් සිටි මෙම ධීවරයින් පිරිස යාත්‍රා දෙකක් සමග අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

මෙම ධීවරයින් සහ යාත්‍රා මන්නාරමට රැගෙන ඒමෙන් පසු ඉදිරි විමර්ශන කටයුතු සදහා මන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

ඊයේ දිනයේ ද ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී  ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගත් අතර,මේ අනුව, දින දෙකක් තුළ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින්ගේ සංඛ්‍යාව 19 ක්.