ප්‍රදේශ කිහිපයක සෞඛ්‍ය සේවකයින් වර්ජනයේ

Wednesday, 21 December 2016 - 14:00

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
ප්‍රදේශ කිහිපයක සෞඛ්‍ය සේවකයින් අද වෘත්තීය ක්‍රියාමාර්ගවල මෙන්ම උද්ඝෝෂණවල නිරත වනවා.

උතුරුමැද පළාත් සභාවට අනුයුක්ත සෞඛ්‍ය රියදුරන් අද (21) උදෑසන 7 සිට සිය රාජකාරි කටයුතුවලින් ඉවත් වුණේ රියදුරන් බදවා ගැනීමේ පටිපාටියට පළාත් සභාව මෙතෙක් අනුමැතිය ලබා නොදීමට විරෝධය පළ කරමින්.

ගිලන් රථ රියදුරන් ද වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටින නිසා රෝගීන් ප්‍රවාහනය කිරීමේ කටයුතුවලට ද මෙමගින් බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර,වයඹ පළාතේ රජයේ රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද උදෑසන සිට වර්ජනයක නිරත වන්නේ පසුගිය මස සදහා තමන්ට ලැබිය යුතු අතිකාල සහ නිවාඩු දින වැටුප් ලබාදෙන ලෙස ඉල්ලමින්.

මේ අතර, ඉල්ලීම් 14 ක් මුල් කර ගනිමින් රජයේ ඖධවේදීන්ගේ සංගමය ද අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.