ගිනි අවියක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

Wednesday, 21 December 2016 - 14:20

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%85%E0%B6%9C+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කටුනායක - ආඩිඅම්බලම ප්‍රදේශයේදී නීතිවිරෝධී ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

48 හැවිරිදි මෙම සැකකරු කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළා.

මොහු සතුව තිබී විවිධ වර්ගයේ උණ්ඩ 163 ක් ද සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.