පෞද්ගලික බස් වර්ජනය පැවති දා පහරකෑමට ලක්වූ පුද්ගලයින්ට වන්දි

Wednesday, 21 December 2016 - 14:28

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92
පෞද්ගලික බස් වර්ජනය පැවති පසුගිය පළවැනිදා ලංගම බස් රථවලට එල්ල වූ ප්‍රහාරවලින් තුවාල ලැබූ පුද්ගලයින් සදහා ප්‍රවාහන අමාත්‍යාංශය වන්දි පිරිනමා තිබෙනවා.

ඒ අනුව, මගීන් 4 දෙනෙකුට සහ බස් සේවකයින් 19 දෙනෙකුට විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඊයේ මෙලෙස වන්දි මුදල් පිරිනැමූ බවයි ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළේ.

පහරකෑමට ලක්ව මේ වනවිට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන යුද හමුදා සෙබලාට රුපියල් 50,000 ක මුදලක් ද සෙසු පුද්ගලයින් සදහා රුපියල් 20,000 සහ 25,000 බැගින් මෙහිදී වන්දි මුදල් පිරිනමා තිබෙනවා.