තැපැල් සේවකයන්ට සතියකින් විසඳුමක් ලැබෙන ලකුණු

Wednesday, 21 December 2016 - 16:15

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
වර්ජනයේ නිරත තැපැල් සේවකයන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කොළඹ ලෝටස් පාර මේ වනවිට විවෘත කර තිබෙනවා.

ඒ, සතියක් තුළ මෙම සේවකයන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු එකඟවීමත් සමඟ පිරිස විසිර යාම හේතුවෙන්.

තැපැල් සේවකයන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව අසළ සිටයි පා ගමනින් එම ස්ථානයට පැමිණි අතර පොලීසිය සාමාජිකයන් අටදෙනෙකුට පමණක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදුන්නා.

ඒ අනුවයි සතියක් තුළ තැපැල් සේවකයන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු එකඟ වී ඇත්තේ.

උසස්වීම් සහ බඳවාගැනීම් පටිපාටියේ පවතින අක්‍රමිකතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් පැය 48 ක වැඩවර්ජනයක් ආරම්භ කළේ පෙරේදා මධ්‍යම රාත්‍රියේයි.

 


ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී අනුපාත කිසිදු වෙනසක් නෑ
Tuesday, 07 July 2020 - 11:34

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 07 July 2020 - 11:30

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More