තැපැල් වර්ජනය අද මැදියම් රැයෙන් අවසන්

Wednesday, 21 December 2016 - 19:17

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
තැපැල් සේවකයින් ආරම්භ කර ඇති සංකේත වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් ලිපි ලක්ෂ 15 ක් පමණ ගොඩගැසී ඇති බව වාර්තාවනවා.

ඊට අමතරව, බෙදීමට නොහැකි වූ ලිපි සහ පාර්සල් විශාල ප්‍රමාණයක් දිවයිනේ සෑම තැපැල් ස්ථානයකම ගොඩගැසී ඇති බවයි තැපැල් වෘත්තිය සමිති සඳහන් කළේ.  

කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රී 12 ට තැපැල් සේවකයින් ආරම්භ කර තිබූ සංකේත වර්ජනය අවසන් වනවා.

උසස්වීම් සහ බඳවාගැනීම් පටිපාටියේ පවතින අක්‍රමිකතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් පැය 48 ක වැඩවර්ජනයක් ආරම්භ කළේ පෙරේදා මධ්‍යම රාත්‍රියේයි.

මේ අතර වර්ජනයේ නිරත  තැපැල් සේවකයන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව අසළ සිට පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට උත්සාහ කළ අතර පසුව සාමාජිකයන් අටදෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමිවුණා.

සති දෙකක් තුළ මෙම සේවකයන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු එකඟවීමත් සමඟ පිරිස එම ස්ථානයෙන් විසිර ගියා.