ආරක්ෂක ලේකම්වරයා, සරත් විජේසූරියගෙන් කෝටි 10ක වන්දියක් ඉල්ලයි

Thursday, 22 December 2016 - 7:20

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+10%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
තමන්ට අපහාස වන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් රුපියල් කෝටි 10ක වන්දියක් ඉල්ලා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය වෙත එන්තර වාසියක් යැවූ බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම්, සරත් විජේසූරියට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවයි.

මීට මාස කිිහිපයකට පෙර ඇවන්ගාඞ් සමාගම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගෙන තමාට අපහාසයක් වූ බව පවසමිනුයි ආරක්ෂක ලේකම්වරයා මෙම එන්තර වාසිය යවා ඇත්තේ.