කෝප් කමිටු සභාපතිගෙන් බැඳුම්කර සිද්ධිය ගැන කථානායකවරයාට ලිපියක්

Thursday, 22 December 2016 - 12:55

%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකළ කෝප් කමිටු විමර්ශනය පිළිබඳවයි එමගින් අවධානය යොමු කර ඇත්තේ.

මන්ත්‍රීවරයා පවසන්නේ කෝප් කමිටුවේ ප්‍රධානියා ලෙස තමන් විසින් පසුගිය ඔක්තෝම්බර් 28 වන දා බැදුම්කර සිද්ධියේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි.

ඉන් පසුව එය පාර්ලිමේන්තුව සතු ලේඛනයක් වන අතර ඒ පිළිබදව ක්‍රියාමාර්ග ගත යුත්තේ පාර්ලිමේන්තුව වෙනුවෙන් කථානායකවරයා බව මෙම ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

එහෙත් කෝප් කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයා විසින් නීතිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පවසන්නේ.

එම ක්‍රියාව පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස කථානායකවරයාගේ වගකීම අගමැතිවරයා විසින් පවරා ගැනීමක් බව මෙම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම මහ බැංකු බැඳුම්කර වංචාව ගැන කෝප් වාර්තාව 2017 පළමු පාර්ලිමේන්තු සභා වාරයේම විවාදයට ගත යුතු බවටයි කමිටු සභාපතිවරයා කථානායකවරයා වෙත යොමුකල ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.