හම්බන්තොට ගිවිසුම හෙළි කරන්න - හෙළ උරුමය

Thursday, 22 December 2016 - 13:17

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA
හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමට ඇති කර ගත් අවබෝධතා ගිවිසුමේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව, ජනතාවට හෙළි කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.  

‘‘විවෘත  භාවයක් නැති වුණාම මේවා යට  මෙගා ඩීල් සිදුවනවා කියන සැකයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමට පැවරීමේ ඇති කර ගත්ත අවබෝධතා රාමුව මේ රටේ ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන් මූලික මිනිස් අයිතිවාසිකමක්. තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත දැන් නීතියක් බවට පත්වෙලා තියෙනවා. රජයෙන් ඉල්ලා සිටිනවා වහාම මේ අවබෝධතා ගිවිසුම රටට හෙළි කරන්න කටයුතු කරන්න කියලා. දැන් මේ හම්බන්තොට වරායත් එක්ක බැදිලා තියෙන එකක් තමයි. මේ අක්කර 15,000. එතකොට මේ අක්කර 15,000 ක් ලබා දෙන්න කොහෙදිද මේ තීරණය ගත්තෙ. කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන තියෙනවා. පාර්ලිමේන්තුවේ එක ගතාවය ඇති කරගෙන තියෙනවා ද ? දැන් තත්ත්වය අපි දැන ගන්න  ඕනා."