සීත ගඟුලේදී එක්වෙන හැටි ඇමති ඩිලාන් හෙළිකරයි

Thursday, 22 December 2016 - 18:07

%E0%B7%83%E0%B7%93%E0%B6%AD+%E0%B6%9C%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
2017 වර්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුලත් වඩා කතාබහට ලක්වන වර්ෂයක් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

එම පක්ෂ මුලස්ථානයේ අද (22) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියා.

තවදුරටත් සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන්නේද පිළිබඳව ලබන වසරේ රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කරන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

නිදහස් පක්ෂය දෙකඩ වී ඇති බව ඇතමුන් පැවසුවද ශ්‍රී පාද වන්දනාව සඳහා එක්වන බැතිමතුන් සීත ගඟුලේදී එක්වනවා සේ පාක්ෂිකයින්ද එලෙස ඒකරාශි වී ශ්‍රී පාද වන්දනාවට එක්වන්නා සේ නිදහස් පක්ෂය එක්ව ගමනක් යන බව ඔහු තවදුරටත් කියා සිටියා.