රාජ්‍ය නත්තල් උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

Friday, 23 December 2016 - 7:32

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
2016 වසරේ රාජ්‍ය නත්තල් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මීගමුව - මහවීදිය දේවස්ථාන පරිශ්‍රයේදී ඊයේ පැවැත්වුණා.

මෙවර රාජ්‍ය නත්තල් උත්සවයේ තේමාව වන්නේ කිතු උපතින් නැවුම් වන මිනිසත් බවට ඉඩදෙමු යන්නයි.   

රාජ්‍ය නත්තල් උත්සවයට එක්වෙමින් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ වර්තමාන සමාජයේ පවතින ගැටලූ විසඳමින් සාමය සහ සහජීවනය ගොඩනැගීමට නත්තල් උදාව උතුම් අවස්ථාවක් වන බවයි.