8 වන අදියරටත් මෙදා සැරේ අපිටත් නත්තල්

Friday, 23 December 2016 - 7:36

8+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A
‘අසිරිමත් නත්තල’ මිනිස්කමින් අරුත් ගන්වමින් හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කරන මෙදා සැරේ අපිටත් නත්තල් වැඩසටහන 08 වන වතාවටත් අද දියත් කෙරෙනවා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් පරිදි හිරු එෆ්.එම්. ඇතුළු අප සහෝදර නාලිකා වන, ෂා එෆ්.එම්, ගෝල්ඩ් එෆ්.එම්., සන් එෆ්.එම් සහ සූරියන් එෆ්.එම්. වසර ගණනක සිට මෙය සංවිධාන කරන්නේ අඩු පහසුකම් සහිතව ළමා නිවාසවල වෙසෙන දරුවන්ට ඔවුන් කැමැතිම තෑග්ග ලබාදීම සඳහායි.

ඒ පිළිබඳව දරුවන්ගේම හඩින් කළ ඉල්ලීමට දයාබර ශ්‍රාවක ජනතාවගෙන් මෙවරද ලැබුණේ දැවැන්ත ප්‍රතිචාරයක්.

ඒ අහිංසක දරුවන්ගේ ඉල්ලීමට සංවේදී සිත් ඇති හිරු ආදරණීය ශ්‍රාවකයන් ඔවුන් ඉල්ලූ දෙයටත් වඩා බොහෝ දේවල් පසුගිය දින කිහිපය පුරා ආසියානු මාධ්‍ය ජාලය වෙත ගෙනවිත් දුන්නේ තම ආදායම් තත්ත්වය සලකමින් නොවේ.

ලංකාව පුරා විහිදුණු ළමා නිවාස රැසක දරුවන් වෙනුවෙන් අප එම තෑගි බෙදා දීම අද ආරම්භ කරන්නේ තිළිණ ලබාදුන් ශ්‍රාවකයන්ට තුති පුද කරමින්.

දැවැන්ත සමාජ සත්කාරයක් වන මෙදා සැරේ අපිටත් නත්තල් වැඩසටහන තුළින් ළමයින් ඉල්ලා සිටි ඔවුන් කැමතිම තෑගි පමණක් නොව තවත් බොහෝ දෑ පිරිනමන්න අප සූදානම්.