කොළඹ රථ වාහන වේගය පැයට කිලෝමීටර් 08 දක්වා පහලට

Friday, 23 December 2016 - 7:47

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+08+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
කොළඹ මාර්ග තදබදය අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට මෙවර අයවැයෙන් ප්‍රමුඛතාවය ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ඒ සඳහා යෝජිත සැහැල්ලූ දුම්රිය සේවා පද්ධතියද කඩිනමින් ආරම්භ කරන බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේ.

බොරැල්ල, කොට්ටාව, බත්තරමුල්ල, කඩුවෙල, මරදාන, මට්ටක්කුලිය, කඩවත, බම්බලපිටිය සහ කිරුලපන ආදී නගර ආවරණය කරන පරිදි එම දුම්රිය සේවය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

දැනට කොළඹ නගරයේ රථවාහන ධාවනය වන සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 08 දක්වා පහත බැස තිබෙනවා.

එය 2020 වර්ෂය වනවිට පැයට කිලෝමීටර් 06 දක්වා පහල බසිනු ඇති බවටද සඳහන්.

එය මෙරට ආර්ථික සංවර්ධන වේගයටද විශාල වශයෙන් බලපානු ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

2015 වසර වනවිට මෙරට සමස්ත රථවාහන සංඛ්‍යාව හැටතුන් ලක්ෂ 2,141 ක් දක්වාද ඉහළ ගොස් තිබෙනවා.