අධිබල විදුලි ධාරාවකින් නුවරඑළිය - ගාමිණී පුර නිවාස රැසක විදුලි උපකරණවලට හානි

Friday, 23 December 2016 - 9:07

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA+-+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
නුවරඑලිය - හැටන් - ගාමිණීපුර ප්‍රදේශයේ නිවාස රැසකට අධිබලැති විදුලි ධාරාවක් ගලා ඒමෙන් නිවෙස්වල සවිකර තිබූ විදුලි උපකරණ රැසකට හානි සිදුවී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඊයේ පස්වරුවේ මෙම තත්ත්වය ඇතිවූ බවටයි ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.  

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ සංවර්ධන හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධනගෙන් කළ විමසීමක් කළා.  

ඔහු කියා සිටියේ නිවෙස්වලට විදුලිය සපයා ඇති විදුලි රැහැන් ලොරි රථයක ගැටී ඒවා කැඞීයාමෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

හානි වූ විදුලි උපකරණවලට වන්දි ගෙවීමක්ද සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරගනී
Thursday, 06 August 2020 - 21:20

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේවනවිට නිකුත්වී... Read More

ලද විජයග්‍රහණයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් අගමැති මහින්දට සුබපැතුම්
Thursday, 06 August 2020 - 21:09

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් දුරකථනයෙන් අග්‍රාමාත්‍ය... Read More

ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - දුරකතනය දෙවන බලවේගය වේ
Thursday, 06 August 2020 - 20:47

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට... Read More