ඇලෙප්පෝ මුළුමනින්ම සිරියානු හමුදා අතට

Friday, 23 December 2016 - 9:54

%E0%B6%87%E0%B6%BD%E0%B7%99%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D+%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7
කැරළිකරුවන් අත පැවති ඇලෙප්පෝ නගරය දැන් මුළුමනින්ම සිරියානු රජයේ හමුදා අතට පත්වී ඇති බව  එරට ආරක්ෂක අංශ නිවේදනය කළා.

වසර හතරක් තිස්සේ ඇලෙප්පෝ නගරය කැරළිකරුවන්ගේ පාලනය යටතේ පැවති අතර, දැන් ලබා ඇති ජයග්‍රණය ජනාධිපති බෂාර් අල් අසාද් ගේ රජය සිරියානු සිවිල් යුද්ධයේදී ලද ඉහළම ජයග්‍රහණයක් ලෙසයි සැළකෙන්නේ.

ඇලෙප්පෝ නගරය ත්‍රස්තවාදයෙන් සහ ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් බවයි සිරියානු හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

ජගත් සංවිධානය මැදිහත්වී ඇතිකරගත් එකඟතාවට අනුව මෙහි සිටි කැරළිකරුවන් සහ සිවිල් වැසියන් රැසක් ඇලෙප්පෝ නගරයෙන් ඉවත් කර ගැනුනා.

අවසන් වරට එලෙස ඉවත් කරගත් සන්නද්ධ කැරළිකරුවන්ගේ සංඛ්‍යාව 4000 කට අධිකයි.


ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More