ට්‍රම්ප් ජගත් සංවිධාන යෝජනාවක් අත්හිටුවයි

Friday, 23 December 2016 - 10:51

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට පෙරම මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා වූ රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජගත් සංවිධානයට ඉදිරිපත් වූ යෝජනාවක් නතර කිරීමට සමත්වී තිබෙනවා.

ඊශ්‍රායලය, පලස්තීන ප්‍රදේශවල නව ජනාවාස ඉදිකිරීම හෙළා දකිමින් එම යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වූයේ ඊජිප්තුවයි.

මෙහිදී යෝජනාව සම්මත වීමට ඉඩදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ඔබාමා පරිපාලනය තීරණය කර තිබුණා.

එහෙත් ඊශ්‍රායලය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශවය දැනුම්දී ඇත්තේ යෝජනාව නතර කිරීමට මැදිහත්වන ලෙසයි.

ඊශ්‍රායලයේ ප්‍රබල සහයකයෙකු වන ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ඉවත් කරගැනීමට ඊජිප්තුව තීරණය කර තිබෙනවා.