ගුවන්යානයක කොටසක් කලවංචිකුඩි මුහුදේ ?

Friday, 23 December 2016 - 11:40

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%3F
මඩකලපුව කලවංචිකුඩි කලුදාවලි මුහුදු වෙරළට ගොඩ ගසා තිබු ගුවන් යානයක බව සැක කකෙරෙන කොටසක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

කලවංචිකුඩි පොලිසියේ නිලධාරියකු සඳහන් කලේ අඩි 15 ක පමණ දිගින් යුත් අලු පැහැති ලෝහමය කොඩසක් මෙලෙස සොයාගත් බවයි.

පසුගිය දින කිහිපය පුරා කලවංචිකුඩි කලුදාවලි මුහුදු තීරයේ මෙම කොටස පාවෙමින් තිබු බවයි පොලිසිය සඳහන් කලේ.

කෙසේවෙතත් අද උදෑසන එය මුහුදු වෙරළට ගොඩගසා තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මෙම ලෝහමය කොටස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාරදෙන බවයි කලවංචිකුඩි පොලිසිය ප්‍රකාශ කලේ.





ඡායාරූප - අම්පාර වසන්ත චන්ද්‍රපාල