මන්ත්‍රීවරුන්ට කුලියට වාහන දීම තාවකාලිකව නවතී

Friday, 23 December 2016 - 15:49

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට කුලී පදනම මත වාහන ලබාදීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ඒ මාතර - කෝට්ටේගොඩ ධීවර වරායේ අද (23) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමිවූ අතර, කෙසේ වෙතත්, තමන් අදාළ ලේඛණයට අත්සන් නොකරන බවයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතීඥ නිමල් බෝපගේ ප්‍රකාශ කළේ.