මුහුදෙන් සොයා ගත් ගුවන් යානා කොටසේ අකුරු පරීක්ෂාවක්

Friday, 23 December 2016 - 18:56

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මඩකලපුව - කලවංචිකුඩි - කලූදාවලි මුහුදේ තිබී හමුවූ ගුවන් යානයක බවට සැකකෙරෙන සිලින්ඩරාකාර ලෝහමය කොටස සම්බන්ධයෙන් නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ නිල් පැහැති මෙම ලෝහමය කොටසේ සඳහන් අක්ෂර ඉංග්‍රීසි භාෂාව නොව වෙනත් භාෂාවක් බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි.

අඩි 10 ක් පමණ දිගැති මෙය කලවංචිකුඩි මුහුදේ පසුගිය දින කිහිපයේ පාවෙමින් තිබූ බවට ධීවරයින් ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, අද උදෑසන එය කලවංචිකුඩි - කලූදාවලි වෙරළ තීරයට ගොඩගසා තිබූ අතර, එම කොටස මේ වනවිට ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.