මුහුදෙන් සොයා ගත් ගුවන් යානා කොටසේ අකුරු පරීක්ෂාවක්

Friday, 23 December 2016 - 18:56

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මඩකලපුව - කලවංචිකුඩි - කලූදාවලි මුහුදේ තිබී හමුවූ ගුවන් යානයක බවට සැකකෙරෙන සිලින්ඩරාකාර ලෝහමය කොටස සම්බන්ධයෙන් නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ නිල් පැහැති මෙම ලෝහමය කොටසේ සඳහන් අක්ෂර ඉංග්‍රීසි භාෂාව නොව වෙනත් භාෂාවක් බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි.

අඩි 10 ක් පමණ දිගැති මෙය කලවංචිකුඩි මුහුදේ පසුගිය දින කිහිපයේ පාවෙමින් තිබූ බවට ධීවරයින් ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, අද උදෑසන එය කලවංචිකුඩි - කලූදාවලි වෙරළ තීරයට ගොඩගසා තිබූ අතර, එම කොටස මේ වනවිට ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.



අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය තාවකාලිකව අත්හිටුවයි
Monday, 13 July 2020 - 15:50

පවත්නා තත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය නැවත... Read More

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට එරෙහිව අනුර සහ ශානිගෙන් පෙත්සම් දෙකක්
Monday, 13 July 2020 - 15:09

ජනතා විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී... Read More

නෙල්සන් මැන්ඩෙලාගේ දියණිය, සින්ඩ්සි මැන්ඩෙලා දිවියෙන් සමු ගනී
Monday, 13 July 2020 - 14:37

දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ, දියණිය... Read More