නඩරාජා රවිරාජ් ඝාතනයේ සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස්

Saturday, 24 December 2016 - 7:27

%E0%B6%B1%E0%B6%A9%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F+%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
දෙමළ ජාතික සන්ධාන යාපන දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයේ සියලුම සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ තීන්දු කළා.

ජූරි සභාවක් මගින් මෙම නඩුවේ විනිශ්චය ලබාදුන් අතර, එය ඊයේ මැදියම් රැයේ දී ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක විසින්.

සාධාරණ සැකයකින් තොරව මෙම සැකකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට නොහැකි වී ඇති බවයි අධිකරණයේ තීන්දුව වූයේ.

මෙම නඩුවේ සැකකරුවන් 4 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එක් සැකකරුවෙකු පළා ගොස් සිටි බැවින් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ.

2006 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ රියදුරා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු චෝදනා 04ක් යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එක් සැකකරුවෙකු රජයේ පාර්ශවයේ සාක්ෂිකරුවෙකු බවට පත්වූ අතර, කරුණා පාර්ශවයට මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කර ඇත්තේ ගිරිතලේ හමුදා කඳවුරෙන් කරුණා පාර්ශවයට ලබාදුන් ගිනි අවියකින් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී ප්‍රකාශ කරනු ලැබුවා.

කෙසේ නමුත්, සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීමටයි කොළඹ මහාධිකරණය ඊයේ තීන්දු කළේ.