ඊශ්‍රායලයට එරෙහි ජගත් සංවිධාන යෝජනාව සම්මතයි

Saturday, 24 December 2016 - 9:09

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
පලස්තීන ප්‍රදේශවල නව යුදෙව් ජනාවාස ඉදිකිරීම අත්හිටුවන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ඊයේ ඒකමතිකව සම්මත වුණා.

එහෙත් ඇමරිකා එක්සත් ජනපදය ඊට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටි අතර,ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටි පරිදි ඊට එරෙහිව නිශේධ බලය පාවිච්චි කළේ ද නැහැ.

ඊශ්‍රායලය හෙළා දැකීමේ යෝජනාව ඊජිප්තුව විසින් මුලින් ඉදිරිපත් කිරීමට සැලසුම් කළ ද එය පමා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීම හේතුවෙන්.

කෙසේ නමුත්, පසුව මැලේසියාව, නවසීලන්තය, සෙනගාලය සහ වෙනිසියුලාව යෝජනාව යළි ඉදිරිපත් කරනු ලැබුවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ ආරක්ෂක මණ්ඩල යෝජනාව පිළිපැදීමට තමන් බැදී නොසිටින බවයි.