නත්තල් උදාවේ ගිනි කෙළි භාවිතයේදී විමසිලිමත් වන්න - සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

Saturday, 24 December 2016 - 12:56

%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අද මධ්‍යම රාත්‍රියෙන් උදාවන නත්තල සැමරීමට මෙරට කිතුනු බැතිමතුන් යුහුසුලුව බලා සිටින බව අප වාර්තකරුවන් පවසනවා.

නත්තලේ අසිරිය සැබෑ ලෙස විඳ ගැනීමට නම් එය අන් අයට හිරිහැරයක් නොවන ලෙස සමරන ලෙසයි අගරදගුරු මැදුර, කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, නත්තල උදාවත් සමග ගිණිකෙළි භාවිතයේදි විමසිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

ඒ පිළිබඳව පැහැදිලි කරන ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් රිෆාෂ් සදහන් කළේ කුඩා ළමයින් රතිඤ්ඤා භාවිතා කරන්නේ නම්, ඒ පිළිබදව මව්පියන් දැඩි විමසිලිමත් විය යුතු බවයි.

රතිඤ්ඤා භාවිතයෙන් ඇස් වලට යම් අනතුරක් සිදුවුවහොත් නිවසේදී ප්‍රතිකාර කිරීමකින් තොරව කඩිනමින් නිරාහාරව ළඟම පිහිටි රෝහලකට යොමු කරන ලෙස වෛද්‍යවරයා ඉල්ලීමක් කළා.

නත්තල වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා මේ වන විටත් ක්‍රියාත්මකයි.

අද සහ හෙට දිනයේදී අතිරේක දුම්රිය සේවාවන් ද ක්‍රියාත්මක බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළා.

විශේෂයෙන් හලාවත සිට පානදුර දක්වා විශේෂ දුම්රිය සේවා යොදවා තිබෙනවා.

මේ අතර, උත්සව සමයේ නගරබද ධාවනය සඳහා වැඩි බස් රථ සංඛ්‍යාවක් එක් කල බව ලංකා ගමනා මණ්ඩලය සදහන් කළා.

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ද ක්‍රියාත්මකයි.