උතුරුමැද ගිලන් රථ ලෙඩවීම රටටම බලපාන ලකුණු

Saturday, 24 December 2016 - 13:06

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
උතුරුමැද පළාතේ වර්ජනයේ නිරත සෞඛ්‍ය රියදුරන්ගේ ගැටළු සඳහා ලබන 28 වන දා වන විට විසදුමක් නොලැබුණහොත් තමන් ද ඊට සහය දක්වන බව රජයේ සෞඛ්‍ය ගිලන් රථ සහ ප්‍රවාහන රියදුරු සංගමය පවසනවා.

එහි සභාපති ඩබ්ලිව්.ඩී. විජේසිංහ සඳහන් කළේ එක් පළාතක සෞඛ්‍ය රියදුරන්ට පමණක් නොසලකා හැරීම මව් සංගමය ලෙස බලා සිටිය නොහැකි බවයි.

තම සේවය දෙපාර්තමේන්තු ගත සේවයක් ලෙස ස්ථාපිත කරන්නැයි ඉල්ලා උතුරු මැද පළාතේ සෞඛ්‍ය රියදුරන් පසුගිය 21 වන දා සිට සිය සේවාවන් ඉවත්වීමට තීරණය කළා.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය සේවා සඳහා සිය දායකත්වය ලබාදීමට ප්‍රථමයෙන් කටයුතු කළ ද යුද හමුදාවේ සහාය ලබා ගැනීම හේතුවෙන් එම සේවාවෙන් ද ඉවත් වීමට ඔවුන් කටයුතු කළා.

උතුරුමැද පළාත් සෞඛ්‍ය රියදුරු සංගමයේ ලේකම් අමරානන්ද වඩුගේ සඳහන් කළේ විසදුම් ලැබෙන තුරු තම අරගලය දියත් කරන බවයි.

මේ අතර, තම පළාතේ සෞඛ්‍ය රියදුරන්ගේ ගැටළුවලට විසදුමක් නොලැබුණහොත් තමන් ද ලබන 28 වන දා සිට සිය සේවාවෙන් ඉවත් වන බව උතුරුමැද පළාත් සෞඛ්‍ය සුළු සේවකයින් ද ප්‍රකාශ කළා.