නත්තල් සැමරුමට රටම සූදානම් - මැදියම් රැයේ ප්‍රධාන දේව මෙහෙයන් 3 ක්

Saturday, 24 December 2016 - 18:31

%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%9A%E0%B7%8A
ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියේ උදාවනවා.

ඒ සඳහා මෙරට කිතුණු බැතිමතුන් විශාල පිරිසක් යුහුසුළුව සූදානම් වන බව දිවයින පුරා සිටින හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මෙවර නත්තල් උත්සවයේ ප්‍රධාන දේව මෙහෙයන් තුනක් පැවැත්වෙන බව අගරදගුරු පදවියේ ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ මාධ්‍ය අධ්‍යක්ෂ එඞ්මන්ඞ් තිලකරත්න පියතුමන් සඳහන් කළා.

ඒ අනුව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ එක් දේව මෙහෙයක් පැවැත්වෙනවා.

ඊට අමතරව කොටහේන ශාන්ත ලූසියා දේවස්ථානයේද සහ ජාඇල - කණුවන - ශාන්ත ජෝෂප් දේවස්ථානයේද දේව මෙහෙයන් පැවැත්වෙනු ඇති.

සාම කුමරුන්ගේ පැමිණීම සනිටුහන් කරන නත්තලේ ආශිර්වාදය යහපාලනයක් උදෙසා යොදාගන්නා ලෙස ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු පදවියේ ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ මාධ්‍ය අධ්‍යක්ෂ එඩ්මන්ඩ් තිලකරත්න පියතුමන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියා.