මැදියම් රැයේ උදා වූ අසිරිමත් නත්තල කිතුණු බැතිමතුන් හරසරින් සමරයි (ඡායාරූප)

Sunday, 25 December 2016 - 6:40

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ මධ්‍යම රාත්‍රියේ උදා වුණා.

ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකවාසී කිතුණු බැතිමතුන් එය සැමරුවේ මහත් උද්යෝගයෙන්.

මෙරට නත්තල් සැමරුම් ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීයි.

ඊට අමතරව දිවයින පුරා දේවස්ථාන රැසක විශේෂ නත්තල් දේව මෙහෙයන් පැවැත්වුණා.

නත්තල් සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කළ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ සියලුදෙනා අතර සහජීවනය වර්ධනය කරගැනීම නත්තලේ අරමුණ විය යුතු බවයි. 

හැටන් සහ වව්නියාව දේවස්ථානයන්හි දේව මෙහෙයන් සිදුකළ අයුරු පහතින්.  

 

 



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ / වන්නි රොමේෂ්