සුනාමියට වසර 12යි

Monday, 26 December 2016 - 7:20

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+12%E0%B6%BA%E0%B7%92
සුනාමි ව්‍යවසනය සිදුවී වසර 12 ක් සපිරෙන අද දිනයේ ඉන් මියගිය පුද්ගලයින් සිහිකර පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම දිස්ත්‍රික්ක 25 ම සුනාමි සැමරුම් සංවිධාන කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.

මේ අතර, සුනාමි ව්‍යසනයෙන් මෙරට වැඩිම ජීවිත හානි ප්‍රමාණයක් සිදුවූයේ තෙල්වත්ත,පැරෑලිය ප්‍රදේශයේදී දුම්රිය සුනාමි රළට හසුවීමෙන්.

එහිදී දුම්රියේ ගමන් ගත් 2000 කට ආසන්න පිරිසක් මියගියා.

සුනාමි සැමරුමට සමගාමීව පැරෑලිය ප්‍රදේශයේදී මියගිය පුද්ගලයින් සිහි කරමින් පුෂ්පෝපාහාර දැක්වීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

2004 වසරේ සුනාමි ව්‍යසනය සිදුවන අවස්ථාවේදී කොළඹ සිට මාතර බලා ධාවනය වූ දුම්රිය උදෑසන 6.50 ට කොටුවෙන් පිටත්වී පැරෑලියේදී විනාඩි 10 ක් නවතා මියගිය පිරිස වෙනුවෙන් ගෞරව දැක්වීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ කියා සිටියේ.