අත්අඩංගුවට ගත් සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Monday, 26 December 2016 - 16:55

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
අත්අඩංගුවට ගැනුණු නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සැකකරුවන් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු නියෝග කළේ මොවුන් මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.  

පෞද්ගලික බස් වර්ජනය පැවති පසුගිය දෙවනදා අධිකරණ නියෝග කඩකරමින් මීගමුව - ගල්කන්ද - දුම්රිය හරස් මාර්ගයේ විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

ඒ අනුවයි ඔවුන් දෙදෙනා අද අත්අඩංගුවට ගනු ලැබුවේ.